Tuesday, March 23, 2010

අස්වයා පැන ගිය පසු ස්ථාලය වසා දැමිම හෙවත් MAS ප‍්‍රතිපත්තිය.





ඒ 2010 /01/09 දින සුපුරුදු ලෙස ඉරේෂා කුමුදුනී සේවා මුරය අවසන් කර, තමාගේ නවා තැනට යාම සදහා ආයතනය විසින් සැපයු ප‍්‍රවාහන සේවයේ බසයට ගොඩ විමට පාමිණ ඇති අතර, ඩ‍්‍රයිවර් මහතාටවත් පාලනය නොවන මිනුවන්ගොඩ දක්වා ප‍්‍රවාහනය වන බස් රථය එක පෙලට තිබු නිට්ටඔුව බස් රථයේ පැති කණ්නාඩියත් ගලවා ගෙන අැයැග් ජීවිතය පැහැර ගත්හ.

ෙමි සිද්ධීය පිලීබද බොහෝ දෙනා පසු ගිය කාළය පුරා විවිද පැතිකඩයන් ඔස්සේ සාකඡ්ඡුාවට ලක් කරනු අසන්නට ලැබුනි. කෙසේ නමුත් අඟුනුකොළපෑලෑස්ස , බිංකම ප‍්‍රදේශයෙන් කොළඔ පැමිණ කටුනායක නිදහස් වෙලද කලාපයේ සැඩෝ ලයින් ආයතනයේ අවුරුදු 12ක් 5 B පේළියේ මැෂින් ක‍්‍රීයාකරවන්නියක් ලෙස සේවය කර ආයතනයේ භූමියට ආසන්න තම ආයතන රථගාලේදි ආයතනයේ වාහනයකටම යට වි මිය යාම එහි සාරංශගත සිද්ධීයයි. එ් වන විට ඇය දරු දෙදෙනෙකුගේ මවක් වූ අතර සිදධීය වු සෙනසුරාදා දින ඡන්දය වෙනුවෙන් ආවරන වැඩ දිනයකි

සිද්ධීයෙන් පසු ආයතනය ෙමි සිදු විම සමිබන්දව ඉතා සංෙවිදිව කටයුතු සිදු කල බවට සේවකයින් සාක්ෂි තබයි. මළ ගෙදරට අවශ්‍ය සයලූම මුලික කටයුතුත් , වියදමත් , සත්වන දින දානය තෙක් අවශ්‍ය කටයුතුත් , සැලකිය යුතු වන්දියකුත් , අවමංගල දින මුලූ ආයතනයටම අවශ්‍ය නිවාඩුත් , ගමන සදහා බස් රථ 18ක් හා ආහාර සපයමින් මෙන්ම වෙනත් සිමලූම පහසුකමි සපයමින් ආයතනය තම සේවකයාට උපරිම කෘතෙවිදිත්වය පල කලහ.මෙය සත්‍ය වශයෙන්ම පැසසිය යුත්තකි. නමුත් මෙරට ඇගලූමි කේෂ්ත‍්‍රයේ අංක එකේ ආයතනයක් ලෙස සලකන සැඩෝලයින් ආයතනයේ සේවක ආරක්ෂනය පිලිබද පරිපාලන තින්දු ඉතාමත් පහත් මට්ටමක පැවතිමට සාක්ෂි මෙම කමිකරු කාන්තාවගේ මරණය තහවුරු කරනු ලබයි .පවතින තොරතුරු වලට අනුව මෙම බස් රථය හා තවත් බස් රථ කිහිපයක්ම සේවක ප‍්‍රවාහන කටයුතු සිදු කරන්නේ ඉතාමත් අබලන් තත්වයක පවතින තත්වයක බව වාර්ථා ෙවි .එම තොරතුරු වලට අනුව සමහර අවස්ථාවන්හිදී මහමග නවතින හරි ආකාරව ඩ‍්‍රයිවර්ට පාලනය කර ගත නොහැකිව ඔහේ ඇදි යන බසය, නවතා ගන්නේ පාර මැද බාදක තබාගෙනයි. සමහර විට බසය තුල ඉංජිමෙන් හිටි හැටිෙය් ගිනි ගොඩක් වැනි දුමකින් මුලූ බස් රථයම වැසී යන බවද වාර්ථා වේ . ඩ‍්‍රයිවර්ට අවශ්‍ය තැන නොව බසය නවත්ින්නේ බසයට අවශ්‍ය තැනයි. කිසිම ආකාරයක නඩත්තුවක් මෙම බස් රථ තුල සිදු නොවන බවට සාක්ෂි මෙම තත්වයන් තුල පැහැදිලි වෙයි . එවැනි තත්වයක තිබු බස් රථ අලූත්වැඩියා කරන්නට ,බසයට රියදුරු සහයක වරයෙකු හෙවත් කොන්දෙස්තර වරයෙකු යෙදිමට බස්රථ නවතා තබන රථගාල ආරක්ෂිත ස්ථානයක් දක්වා වෙනස් කිරීමට , ඵ්ී වැනි ව්‍යාපාරයක් , සේවිකාවක් අවාසනාත්මක ලෙස මිය යන තෙක් සිටිම ඇත්ත වශයෙන්ම කනගාටුවට කරුනකි.

ලංකාව තුල ඇගලූමි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අංක 01ට තම ආයතනය ඔසවා තබන්නට ගත් පරිපාලන තිනිදු වලින් දශමයක කොටසක් මෙම ආයතනයෙන් ෙමි තත්වය දක්වා ගෙන යන්නට උරදුන් කමිකරුවන්් ගේ සුභසාධනය හා ආරක්ෂනය වෙනුවෙන් සැපයුයේ නමි මෙවැනි අදුරු සලකුනු ආයතනයේ ඉතිහාසයට එක් නොවනු ඇත.

හයිකාවා ආයතනය තාවකාළිකව වසා දැමේ




මීට මාස කිහිපයක සිට කටුනායක නිදහස් වෙළද කළාපයේ පලමු අදීයරේ පිහිටා ඇති හයිකාවා පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් දඩි අර්බුධකාරී තත්වයකට මුහුන දෙමින් සිටී අතර ආයතන හිමියන්ගේ කොටස් පිලිබද ගැටුඑවක් ඊට බලපා තිබිනි . මේ වන විට ඒ පිලිබද බඩු විභාගයක් පවත්වමින් තිබෙන අතර එය නැවත විභාගයට ගැනීම 2010/03/30 දින තෙක් කල් තබා ඇත.

තත්වය එසේ පවතිද්දී , ආයතනයේ නිෂ්පාදන කටයුතු කිසිත් සිදු නොවුනු නමුත් සේවකයන් නිතිපතා ආයතනයට පැමිනීම මේ වන තෙක් සිදු වෙමින් පැවතිනි . පාලනාධිකාරය විසින් ආයතනයේ සේවකයින් වෙත වැටුප් ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොකල අතර අවසාන වශයෙන් පසුගිය 12 වන දින ජනවාරී මාසයේ වැටුප සේවකයන් වෙත ලබා දෙන ලදි.

එවැනි පසුබිමක තම රැුකියාවේ අවශ්‍යතාවය වෙනුවෙන් සියල්ල විදදරා ගනිමින් දෛනිකව සේවයට වාර්ථා කළ කම්කරුවන් 2010 /03 /22 වන දින සේවයට වාර්ථා කරන ටිට ආයතනය තාවකාළිකව 2010/04/01 දක්වා වසා දමන බවට ප‍්‍රදර්ශනය කර තිබීම තූල සේවකයින් තැවත වරක් මහත් අපහසුතාවයට පත් කර ඇත .

මන්ද , 2010/04/01 දින සිට සති අන්ත නිවාඩුවත් ඉන් පසු මාතිවරන නිවාඩුවත් ඉන් පසු අවුරුදු නිවාඩුවත් පැමිණෙන අතර මීට පෙර අවම වශයෙන් පෙබරවාරී මස වැටුප හෝ තමන් අතට පත් ෙවි යැයි තිබු අවසාන බලාපොරොන්තුවද මෙම තත්වය තුළ ෙසේවකයින් හට අහිමි කර ඇත.

අතපය ගැටගසා ඇති විටෙක ලබා දුන් සංවිධානය වීමේ නිදහස යථාර්තයක් දක්වා ගෙන යාමට නම්............




විවෘර්ත ආර්ථිකයත් සමග ආරම්භ වූ නිදහස් වෙළද කලාප දසක 04 කට ආසන්න කාලයක් දක්වා දිවෙන ඉතිහාසයකකට උරුමකම් කියනු ලබයි. මෙහි ආරම්භයත් සමඟ එ් හා සමගාමීව නිර්මාණය වූ රුකියා අවස්ථා පිරවීම සදහා ලංකාෙවි සෑම ප‍්‍රදේශයක්ම පාහේ නියෝජනය කරමින් තරුණ තරුණියන් මෙම ප‍්‍රදේශය තුළ ගොනු විය. එසදහා එම වකවානුව වන විට ප‍්‍රදේශයේ දේශපාලකයෙකුගේ සහයද අවශ්‍ය විය. එවැනි වපසරියක් තුල කලාපයේ සේවා නියුක්තිකයන් ඉතාමත් සුවිශේසි කමිකරුවන් පිරිසක් විය. ඔහුන් ඈත දුෂ්කර පලාත් වලින් පැමිනි සංක‍්‍රමිනිකයන් විම, වැඩි පිරිසක් කාන්තාවන් විම,ඉන් වැඩි පිරිසක් අවිවාහක අවුරුදු 18ත් 25ත් අතර විම, යන සාධකයන් තුල ඔවුනගේ එම සුවිශේෂිත්වය විද්‍යාමාන විය . මෙසේ විශාල වශයෙන් එකම ප‍්‍රදේශයක ගොනු වු කමිකරුවන්ගේ ජීවිත එකම රටාවක් ඔස්සේ ගලා යද්දි, ඔහුන් දෛනිකව දැවැන්ත ප‍්‍රශ්ණ රාශියකට නිරාවරනය වන්නට විය .එය ආයතනය තුල ඔහුන්ට මුහුන පෑමට සිදු වු ගැටලූ හා ආයතන වලින් පිට සාමාජය විතයේ මුහුන පැමට සිදු වු ගැටලූ ලෙස වර්ග කල හැක.

මෙම ගැටලූ වලට මුහුන දිම සදහා පිටස්තර නායකයින්ගේ මැදිහත් විම හරහා ඔවුන් වෘතිය සමිති වටා එක රාශි කර විමට උත්සාහ කිරීම එ සමගම ආරම්භ විය. මෙම කමිකරුවන් ඉතාමත් සුවිශේෂි පිරිසක් විම,රෙටි පැවති නෛයිතික රාමුව මොවුන් එ්කරාශි විම දැනුවත්නම වැලැක්විමට කටයුතු යොදා තිබිම, මෙම ආයතන ආරමිභ විමත් සමඟ විවෘත ආර්ථීක ක‍්‍රීයාවලිය හරහාම ඇතිකළ විවිධ කොන්දේශි (කලාපිය ගේටිටුවෙන් කිසිම පිටස්තර පුද්ගලයකුට හෝ සංවිධානයකට ඇතුලත් විම තහනමි කිරීම යන ආදිය තුල එම පන්ති දේශපාලනය මුලූමනින්ම පාහේ අසාර්ථක විය.

මී ලඟ ප‍්‍රයත්නය වූයේ මොහුන් සංස්කෘතිකව දියුණු කිරිමයි . මන්ද තරුණ තරුණීයන් විශාල පිරිසක් සිමිත ප‍්‍රදේශයක ගොනු වි සිටිම තුල හා කලාපය ඇති කිරීම තුල රැුකියා උත්පාදනයට පමනක් ම අවකාශය සකස් කිරීම විනා බළධාරීන් ඔහුන්ගේ අනෙකුත් පහසුකමි පිලිබද සංවේදී නොවන අයුරින් කටයුතු කිරිම මත කම්කරුවන්ගේ සාමාජය ජවිතට තුල බොහෝ සංස්කෘතික ගැටලූ පැන නැගුනි.එ් සදහා විසදුමි සෙවිමට රාඡු්‍ය නොවන සංවිධාන බිහි විය. නමුත් එක් පැත්තකින් තමන් ජීවත් වු ග‍්‍රාමිය පරිසරය හා සසදා බලන කමිකරුවන්ට වර්ථමාන ජීවිතය තමුන් ඉතාමත් හොද ජීවන තත්වයක් සමග බද්ධ කර තිබිම මත එම සංවිධාන මතු කරනු ලබන කාරණා කමිකරුවන්ගේ ඇත්ත ජීවිතය තුල ක්ෂනයකින් අහෝසි කරන්නට සමත් විය,ග‍්‍රාමිය ජීවිතයේ පැවති කටුක වටපිටාව වෙනුවට අවශ්‍ය පහසුකමි ඉතාමත් ලගින් ලබා ගැනිම සදහා ගෙදර යන ගමන් ෆුඞ්සිටි ,අතට සල්ලි , තාරුණ්‍යට විලාසිතා , කලාපය තුල සම වයසේ අය සමග ලබන විනෝදය ,නිදහස , යන දෑ ආයතනය තුළ ගෙවූ කටුකත්වය පරයා යමින් යමි තරමකින් ඔමුන්ගේ ජීවිත තෘප්තිමත් කිරීම එයට සාක්ෂී දරයි . අනෙක් අතින් ගැනුමි කරුවන්ගේ වර්්‍යා ධර්ම පද්දති හරහා ඔහුන්ගේ හිමිකමි හා අයතිවාසිකමි පිලිබද ගැබුරින් සාකචිඡුා නොකලත් පහසුනමි අතින් ඔහුන් තෘප්තිමත් කළහ. එ් අනුව සංස්කෘතිකව විවිධ වෙනස් කම් හරහා යමි දියුණුවක් ලැබු නමුත් සංස්කෘතික දේශපාලනයට මෙම කම්කරුවන් අවතීර්න කර ගැනීමටද මෙම සංවිධාන ව්‍යුහය අසමත් විය.

මෙවන් වපසරියක් තුළ කම්කරුවන් , සංස්කෘතිකව යමි දියුනුවක් ලැබු නමුත් ,අරගල වශයෙත් දියුණු නොවූ පසුබිමක තම ජීවිතය ,රැුකියාව පවත්වාගෙන යාම වෙනුවෙන් අරගලයන් සදහා පෙල ගැස්විමේ අවශ්‍යතාවය ෙමි වන විට උද්ගත වෙමින් පවතී . එවැනි ප‍්‍රවේශයක් වෙත විතැන් වීම සදහා අවංක උත්සාහයක නියැලීම පිලිබද වගකීමෙන් සිතිය යුතු තීරනාත්මක මොහොතට සිවිල් සමාජය ගමන් කළ යුතුව ඇත. එවැනි ප‍්‍රවේශයක් සදහා අවතීර්න වෙමින් සිටින අප ව්‍යාපාරයට, පසුගිය කාළය තුල කලාපයේ හදුනාගත් කන්ඩායමක් සමග ගෙවිශනාත්මක ක‍්‍රීයාකාරකම් කිහිපයක නියැලෙන්නට අවස්ථාව උදා විය. අප එම පිරිස හදුනා ගත්තේ චිත‍්‍රපට සාකචිඡුා ලෙස අප නම්කල (Film Discussion* නිෂ්චිත වැඩ සටහනක් තුලයි. තෝරා ගත් චිත‍්‍රපටියක් ඉලක්කගත නේවාසිකාගාරයක් තුල යමි සිරිසක් සමග නරබා සිදුකළ සංවාදය තුල අප ආයතනයට, ඔවුන් සමග මානුෂික සමිබන්දතා ගොඩ නගා ගැනීමට හැකි විය. එ් හරහා පවතින ආර්ථික අසීරුතා හමුෙවි ඔහුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත පලල් ලෙෂ විග‍්‍රහ කර ගැනිමට අවශ්‍ය සියලූ තොරතුරු අප ගබඩා කර ගත්හ. එම තොරතුරු සමාඡුයට නිරාවරණය කිරිම මං සංන්ධි කෘතිය හරහා සිදු විය.ඉන් පසු එම කන්ඩායෙමි කිහිප දෙනෙකු ඔහුන්ගේ ක‍්‍රිඩා කුසලතා එලි දැක්විය හැකි ආකාරයේ සංවිධානාත්මක වැඩ සටහනක් සදහා අපට ඇරයුම් කර සිටියහ. අප එ් අනුව ක‍්‍රිකට් තරගාවලියක් සුදානමි කර ගැනිමට ඔහුන්ට මග පෙන්නු අතර.එ්තුල ඔහුන් අදාල නායකත්වය දරමින් ,කන්ඩායමි ගොඩ නගමින්, මුදල් එ්ක රාශි කරමින්, කන්ඩායමි 32 කින් යුක්ත දැවැන්ත තරගාවලියක් සුදානමි කරන ලදි. අවශ්‍ය මග පෙන්විමි හා යමි යමි පහසුකමි කොටසක් අපි ඔහුන් වෙත ලබා දුන් අතර Youth Zone Sport Tournament ලෙස නමි කර ගොනු වු මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක ලෙස නිම විය.

ඉන් පසුව අප විටින් විට ඔහුන් සමග සානචිඡුා වට කිහිපයක් පැවැත්වන ලදි. නායකත්වය යනු කුමක්ද කණ්ඩායම් දායකත්වය ,එහි වාසි අවාසි ,ආයතනය තුල දරන නායකත්වය, කණ්ඩායම් හැගිම ,එහි වාසි අවාසි එම සාකචිඡුා සදහා පදනමි කර ගත් කරුනු අතර විය. මෙම සබදතාවන්හි ප‍්‍රථීපලයක් ලෙස ෙමි වන විට තමුන් දෛනිකව මුහුන දෙන අර්බුධකාරී තත්වයන්හි ආසන්නතම සාදකයක් මුල් කර ගනිමින් සමිතියක් ගොඩ නැගිමට ඇති අවශ්‍යතාවය එම කණ්ඩායම් තුළින් මතු වී ඇත.

එහි මූලික වැඩ කටයුතු ආරමිභ කිරීමට අවශ්‍ය මග පෙන්වීම සදහා දායක වූ අප වෙත, ඔහුන් ෙමි වන විට මතුකරමන් සිටින ගැටලූ අතර , එම සමිතියේ විවස්ථාව සකස් කර ගන්නේ කේසේද, එහි ලියාපදිංචිය තෙක් ගෙන යන්නේ කේසේද, මුදල් පාලනය, ආයෝඡුනය සාර්ථක ලෙස සිදු කරන්නේ කේසේද ,යන්න නිස්චිත කර පෙන්විය හැක.

මෙම ගැට`එ සදහා පිලිතුරු දිෙමි ක‍්‍රම ෙවිදය තුල ඔහුන් දැනුමින් සන්නද්ධ කිරිම ,ගැටලූ විග‍්‍රහ කර ගැනිම හා එ්වාට සාර්ථකව මුහුන දිමට අවශ්‍ය දැනුම්න් පරිපුර්න කිරිම , එ් තුලින් ඔහුන් සංස්කෘතිකව දියුණු කිරිම ,එම වපසරිය තුල ඔහුන් සාමාජය ප‍්‍රශ්ණ විසදා ගැනිම තෙක් දියුණු කිරිම, එ් හරහා දේශපාලනික වශයෙන් වෙනසක් සදහා මැදිහත් විය යුතු මටිටම ,ඔහුන් සක‍්‍රීය ලෙස ඉදිරියට ගෙන එ්ම සදහා උත්සාහ කිරිමට අපට යමි අවස්ථාවක් ලැබි ඇත.

ඔහුන් ඉල්ලා සිටින නිෂ්චිත කරුණු සදහා අවශ්‍ය දැනුම ලබා දෙන ක‍්‍රම ෙවිදය තුල ඔහුන් ඉදිරියට ගැනිම සදහා අත් හදා බැලිෙමි වැඩ පිලිවෙලක් වි්‍යාප්ත කිරිමට අපට ඇති අවස්ථාව භාවිතය තුල සාරිථක කර ගැනිම සදහා ‘අප එක්තරා ආකාරයක, සේවා සපයන ආයතන තමන්ගේ හිමිකම් වෙනුවෙන් පෙල ගැස්වීම සදහා මඟ පෙන්වීමේ ආයතනයක් ලෙස පෙනි සිටිමට කටයුතු කරන අතර එ්තුල ඔහුන් සමග වැඩ කිරිමට භාවිතා කල යතු නව ක‍්‍රම ෙවිදයන් හදුනා ගැනිමේ අසීරු කටයුත්තක නියෑලීමට ෙමි දිනවල කටයුතු කරනු ලබයි . එමෙන්ම, ඔහුන් සමග කටයුතු කරන අතර තුර ලැබෙන තොරතුරු , අවශ්‍ය සමින්ෂණය සදහා යොදා ගැනිමත් එම තොරතුරු කළාපිය කමිකරුවන් වෙනුවෙන් පෙනි සිටීම සදහා Advocacy යොදා ගැනීමටත් අපට හැකි වනු ඇත.

ෙමි හරහා වර්ථමාන සමාඡයේ අවශ්‍යතා තේරුමි ගත් නව සංවිධාන විධි ක‍්‍රමයක් මතු කර ගැනිමට අපේක්ෂා කරනු ලබයි.

Friday, February 26, 2010

හයිකාවා ආයතනයේ සේවනකයින් ආයතන භූමිය තුල අකන්ඩ සත්‍යක්ග‍්‍රහයක

මීට මාස කිහිපයක සිට කටුනායක නිදහස් වෙළද කළාපයේ පලමු අදීයරේ පිහිටා ඇති හයිකාවා පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් දඩි අර්බුධකාරී තත්වයකට මුහුන දෙමින් සිටින අතර මේ වන විට ඔවුන් අකන්ඩ සත්‍යක්ග‍්‍රහයක් ආරමිභ කර ඇත.

මෙම අයතනය 2009 නොවැම්බර් මාසයේ වැටුපද නියමිත දිනෙන් දින ගණනාවකට පසු කොටස් දෙකක් වශයෙන් සේවකයන් වෙත ලබා දී ඇති අතර 2009 දෙසැම්බර් මාසයේ වැටුපද 2010/01/25 වන දින තෙක් සේවකයින්ට ලබා දී නොතිබුනි .එම පසුබිම තුල ඉතාමත් අසරන තත්වයට පත් වූ කමිකරුවන් වෙනුවෙන් ීඒබාමච සංවිධානය මැදිහත්ව මෙම ගැටඑව ප‍්‍රගති සංගමය වෙත යොමු කිරීමෙන් අනතුරුව 2010/01/25 දින හවස් වන විට වැටුප් ලබා දීමට කටයුතු කරුනලද අතර 2010 ජනවාරී මාසයේ වැටුප මේ වන තෙක් ලබා දී නොමැත.

එමෙන්ම පසු ගිය මාස කිහිපයක සිට සේවක අර්ථ සාදක හා භාරකාර අරමුදල් නිසි ලෙස ගෙවීමි පැහැර ඇති බවද වාර්ථා වන අතර ෙමි වන විට මෙම ආයතනයේ සේවකයින් 150 දෙනෙකු පමන ඉතාමත් අපහසුතාවයට පත්ව ඇත.

ආයතනයේ හිමිකරුවන් අතර ඇති තම වත්කමි ප‍්‍රමානය පිලිබද ගැටඑවක් මෙම තත්වයට හේතු වී ඇති අතර සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර සදහා අශිලා නිරෝෂීනී මාපලගම මහත්මිය හා අරුල් ජෝෂප් මහතා ෙමි වන මැදිහත්ව ක‍්‍රියා කරමින් සිටී.

නමුත් ලංකාෙවි නීති පද්දතිය තුල විසදුමි ලබා ගැනීම ඉතාමත් පසුගාමී තත්වයක පවතින බැවින් සේවකයන්ගෙන් වැඩි ප‍්‍රමානයක් නේවාසිකයන් වන මෙම ආනතන කමිකරුවන් තම ගැට`එ සදහා කඩිනම් විසදුමි ලබා දෙන ලෙෂ ඉල්ලමින් 2010 /02 /26 වන දින සිට දිවා රැ අඛන්ඩ සත්්‍යන්ග‍්‍රනයක් ආරමිභ කර ඇත.

පසු ගියදා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කළාපය සමීපයෙන් හමු වූ මළ සිරුර නිදහස් වෙළද කළාපීය සේවිකාවකගේ නොවේ

2010/02/16 වන දින උදෑසන කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කළාපයට ඉතා ආසන්න ප‍්‍රදේශයක් වන ලියනගේමුල්ල, ජයවර්ධන පුර . වෙළබඩපාර, ආසන්නයේ ලදු කෑලෑවක තිබී ඝාතනයකර අභිරහස් ලෙෂ සගවා තිබූ කාන්තා මළ සිරුරක් පොළීසිය විසින් සොයා ගන්නා ලදි.

එ වන විට මැය ආයෝඡුන ප‍්‍රවර්ධන කළාපයේ සේවිකාවක් වීමට ඉඩ ඇති බවට සැක මතුව තිබු අතර මේ වන විට එ් පිළිබද නිවරුදි තොරතුරු අනාවරනය වී ඇත

මෙම කාන්තාව අවුරුදු 37 ක් පමන වයසැති කාන්තාවක් වන අතර කටුනායක ප‍්‍රදේශයේ තාවකාලික පදිංචිය සදහා මීට අවුරුදු 10ක පමන ඉහතදී පැමිණ ඇත. ස්ථිර රැුකියාවක තිරතව නොසිටි එම කාත්තාව මීට ුවුරුදු 04කට ආසන්න කාළයකට පෙර ආයෝජන ප‍්‍රවර්ධන කළාපයේ ආයතනයක පිරිසිදු කරන්නියක වශයෙන් සේවය කර ඇති බවට යම් තොරතුරක් ඇති නමුන් එය නිෂ්චිත කර ගැනීමට අවශ්‍ය තරම් සාක්ෂි ලැබී තොමැත. අවසාන කාළය වන විට ඇය කටුනායක 18 කණුව පන්සල අසල මල් වෙළදාමේ නිරතවී ඇත.

ඇයගේ ස්වාමි පුරුෂයා (ඔවුන් නිත්‍යානූකූලව විවාහ වුවන් නොවේ * කුළි රැුනියාවන්හි නිරත වූ තැනැත්තකු වන අතර සැක පිට ඔහු අත්තඩන්ගුවට ගැනීමෙන් පසු මෙම මරණයෙහි සුළ මුල හෙලි වී තිබේ.

මෙම පුද්ගලයා ගන්ජා වලට ඇබ්බැහි වූවෙක් වන අතර ඔහුගේ පාපෝඡ්චාරනයට අනුව 2009/12/28 වන දින අ`එයම 03.00 පමන ගෙල සිරකිරීමෙන් මෙම කාන්තාව මරා දමා මළ සිරුර හමු වූ ස්ථානයේ සගවා දැමු බවට තොරතුරු හෙපී වී ඇත.

මේ වන විට ඔහු විසින් හෙලි කර ඇති තොරතුරුත් අධීකරන වෛද්‍ය වාර්ථාෙවි පරීක්ෂනයට භාජනය කරමින් වැඩි දුර පරීක්ෂන කටයුතු සීදුව පොළිස්ථානයේ මැදිහත් වීමෙන් සිදු කරණු ලබයි.

Tuesday, February 16, 2010

කටුනායක ආයෝඡන ප‍්‍රවර්ධන කලාපයට නුදුරින් කාන්තා මළ සිරුරක් සොයා ගනි.

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කළාපයට ඉතා ආසන්න ප‍්‍රදේශයක් වන ලියනගේමුල්ල, ජයවර්ධන පුර . වෙළබඩපාර, ආසන්නයේ ලදු කෑලෑවක තිබී ඝාතනයකර අභිරහස් ලෙෂ සගවා තිබූ කාන්තා මළ සිරුරක් අද උදෑසන (2010/02/16 පොළීසිය විසින් සොයා ගන්නා ලදි.

පෙර දින හවස් වරුෙවි සෙල්ලමි කරමින් සිටි කුඩා ළමුන් පිරිසක් මෙම මළ සිරුර දැක අසල් වාසින්ට දැනුම් දී ඇති අතර, අසල්වාසින් විසින් පොලිසියට ලබා දුන් තොරතුරක් මත අද දින සිද්දිය වු ස්ථානය සීදූව පොළීස්ථානයේ නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදි

මෙයට මාස දෙකකට අාසන්න කාළයකට පමණ පෙර මරා වල දමන්නට ඇති බවට සැක කෙරෙන අතර මෙම මළ සිරුර අවුරුදු 25ත් 30ත් අතර කාන්තාවගේ ගේ බවට සැක කරනු ලබන අතර මැය ආයෝඡන ප‍්‍රවර්ධන කළාපයේ සේවිකාවක් වීමට ඉඩ ඇති බවට සැක මතුව තිෙබි.

මහේස්ත‍්‍රාත් පරික්ෂණ කටයුතුවලින් පසු මෙම මෘත දේහය පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය මිගමුව දිසා රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින් පවත්වන ලද අතර , මළ සිරුර හදුනා ගැනීෙමි ඉදිරී පරීක්ෂන කටයුතු සීදූව පොළිස්ථානයේ මැදිහත්වීමෙන් සිදු කරණු ලබයි.

Sunday, January 31, 2010

හයිකාවා ආයතනයේ සේවකයින් දැඩි අර්බුධයක

මීට මාස කිහිපයක සිට කටුනායක නිදහස් වෙළද කළාපයේ තුන් වන අදීයරේ පිහිටා ඇති හයිකාවා පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් දඩි අර්බුධකාරී තත්වයකට මුහුන දෙමින් සිටී.

2009 නොවැම්බර් මාසයේ වැටුපද නියමිත දිනෙන් දින ගණනාවකට පසු කොටස් දෙකක් වශයෙන් ගෙවා දමා ඇති අතර 2009 දෙසැම්බර් මාසයේ වැටුපද 2010/01/25 වන දින තෙක් සේවකයින්ට ලබා දී නොතිබුනි .

ආයතනයේ තත්වය මෙවන් පසුබිමක පවතිද්දී අනෙක් අතින් පසුගිය මැතිවරණය සදහා තම ගම් බිම් බලා පිටත් වීමට මුදල් නොමැතිව සිටි සේවකයින් තවත් අසරන තත්වයකට පත් කිරීමට බෝඩිං හිමියන් කටයුතු කිරීමට ගිය බවද වාර්ථා විය.

එම මැතිවරන කාලය තුළ කටුනායක ප‍්‍රදේශයේ නේවාසිකව සිටින සියල්්ලන් ගම්බිම් බලා පිටත්ව යා යුතු බවත් නිදහස් වෙළද කළාප ඇතුඑ තාවකාලික පදිංචි කරුවන් මෙම දින තුල නේවාසිකාගාර තුල සිටිමට අවසර නොදෙන ලෙසත් පොළීසිය ප‍්‍රකාශ කළ බවට රාවයක් ප‍්‍රචාරය වීම එම තත්වයට හේතු විය.

එම පසුබිම තුල ඉතාමත් අසරන තත්වයට පත් වූ කමිකරුවන් වෙනුවෙන් StandUp සංවිධානය මැදිහත්ව මෙම ගැටඑව ප‍්‍රගති සංගමය වෙත යොමු කිරීමෙන් අනතුරුව 2010/01/25 දින හවස් වන විට වැටුප් ලබා දීමට කටයුතු කරුන ලදි .

එමෙන්ම පසු ගිය මාස කිහිපයක සිට සේවක අර්ථ සාදක හා භාර කාර අරමුදල් නිසි ලෙස ගෙවීමි පැහැර ඇති බව වාර්ථා වන අතර ෙමි වන විට මෙම ආයතනයේ සේවකයින් 150 දෙනෙකු පමන ඉතාමත් අපහසුතාවයට පත්ව ඇත.

ආයතනයේ හිමිකරුවන් අතර ඇති තම වත්කමි ප‍්‍රමානය පිලිබද ගැටඑවක් මෙම තත්වයට හේතු වී ඇති අතර සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අශිලා නිරෝෂීනී මාපලගම මහත්මිය හා අරුල් ජෝෂප් මහතා ෙමි වන විට මැදිහත්ව ක‍්‍රියා කරමින් සිටී.